Science Of Kissing කෘතිය රචනා කරන ෂර්ලි කිර්ෂන්බෝම් සිපගැනීමට නව අර්ථකතනයක් දී තිබෙනව. එදා අපි හාදුවක් දුන්නේ ආදරයේ සංකේතයක් ලෙසයි. මව තම දරුවාට දුන් හාදුවෙත්, සැමියා බිරිඳට දුන් හාදුවෙත් , පෙම්වතිය පෙම්වතාට දුන් හාදුවෙත් සැඟවිල තිබුණේ ආදරයයි.
මෙතෙක් අපි හාදුවක දුටුවෙ ආදරය පමණක් වුණාට දැන් දැන් හාදුවක තව බොහෝ අරුත් වටිනාකම් සැඟව ඇති බවයි පැවසෙන්නෙ.
දෙතොල් සිපගැනීමකදි බැක්ටීරියා මිලියන ගණනක් දෙදෙනා අතර හුවමාරු වෙනව. මේ බැක්ටීරියා ශරීරයේ ප්‍රතිශක්තීකරණ ශක්තිය වැඩි වීමට හේතුවක් බවයි Science Of Kissing කෘතියෙන් පෙන්වා දෙන්නේ.
ආදරය පිළිබඳ හැගීම් උනන්දුව අඩු කරන හෝමෝන නිපදවීම අඩාල කරන්නත් හාදුවකට හැකියාව තියෙනව. ඒ වගේම සිපගැනීම තුළින් දරුවන්ට රෝග හා සටන් කරන්නට ශක්තියක් ලැබෙන බවත් ඇය පවසනවා. මේ විතරක් නෙවෙයි විශ්වවිද්‍යාල ආචාර්ය වරියක් වන ෂර්ලි කිර්ෂන්බෝම් සිප ගැනීමක ඇති වැදගත් කම ගැන තව බොහෝ කරුණු මෙහි අවධාරණය කර තිබෙනව. ඒ නිසයි අතට අත දී යමෙකු පිළිගන්නවාට වඩා සිපගැනීමකින් අයෙකු පිළිගැනීම වඩාත් උචිත බව ඇය පවසන්නෙ.