උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය කුමාර අල්විස් මහතාට ඇසිඞ් ප‍්‍රහාරයක් එල්ල කර බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධ යෙන් චෝදනා ලැබ සිටින විත්තිකරුවන් තිදෙනා විවෘත අධිකරණයේදී අද හඳුනා ගැනුනා.
එ් සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අනුරාධපුර මහාධිකරණයේදී විවාදයට ගැනුන අවස්ථාවේදීයි. විත්තිකරුවන් තිදෙනා හඳුනා ගැනීමෙන් අනතුරුව කුමාර අල්විස් මහතා අධිකරණයේදී හඬා වැලපී තිබෙනවා.
එලෙස හඬා වැටෙමින් පළාත් ආයුර්වේද කොමසාරිස්වරයා දෙවැනි සහ තුන්වැනි විත්තිකරුවන්ගෙන් විමසා සිටියේ "ඇයි දරුවනේ මට මේ අපරාධය කළේ ?" යන්නයි. එහිදී විත්තිකරුවන් නිහඬව බිම බලාගෙන සිටිනු ලැබුවා. එම අවස්ථාවේ පළාත් ආයුර්වේද කොමසාරිස්වරයාගේ මවට මෙය දරාගෙන සිටිනු නොහැකි වීම හේතුවෙන් ඇය අධිකරණ ශාලාවෙන් ඉවත් කිරීමට අධිකරණ නිලධාරීන් කි‍්‍රයා කරනු ලැබුවා.
උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස් කුමාර අල්විස් මහතා ඇසිඩ් ප‍්‍රහාරයට ලක් වුණේ ඉකුත් 2013 වසරේ පෙබරවාරි මස 22 වැනිදායි. ඉන් බරපතල පිළිස්සුම් තුවාල ලැබූ කුමාර අල්විස් මහතාගේ එක් ඇසක පෙනීම සම්පූර්ණයෙන් අහිමි වී තිබෙනවා.
ඇසිඞ් ප‍්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් ආයුර්වේද වෛද්‍යවරයෙකු, හිටපු යුද හමුදා සෙබළෙකු සහ මාළු වෙළෙන්දෙකු අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටිනවා. සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව ලබන වසරේ මාර්තු මස 10 වැනිදා යළි විභාගයට ගැනීමට නියමිතයි.
"ඇයි දරුවනේ මට මේ අපරාධය කළේ ?" ඇසිඩ් ගැසූවන්ගෙන් කොමසාරිස් හඬමින් විමසයි
2014-11-25T11:45:00-08:00
Ape Gossip
© 2014 Ape Gossip | Email : info@apegossip.com | |
Advertising - Contact Here | Editor - Contact Here | |
All the content on this website is copyright protected. | ||
_______________________________________________________________________________________ www.ApeGossip.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language. |