APE GOSSIP - FACEBOOK

Watch Teledrama

Ape Gossip

මේ දිනවල කා අතරත් කතාබහට ලක්වන නැගී එන නිළියක් තමයි පියුමි හංසමාලි කියන්නේ. අලුත් මුහුණුවරක් රංගන ක්‍ෂේත්‍රයට පැමිණි ඇය පසුගිය දවසක පුවත්පතක් සමඟ කල සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුණේ රඟපෑම ගොඩාක් අමාරු කාර්යක් කියලයි. මොකද පියුමි රඟපාන්න කලින් නිරූපිකාවක්. ගොඩදෙනෙක් පියුමිව හඳුනාගත්තේ නිරූපණ ක්‍ෂේත්‍රයෙන්.

රඟපෑම නිසා තමන් වැඩියෙන්ම ආසා කරන නිරූපණ ක්‍ෂේත්‍රයෙන් ඉවත්වෙයිද කියන ප්‍රශ්න පියුමිගෙන් ඇහුවම ඇයනම් කියන්නේ ඒ විදියේ තීරණයක් ගන්නේ නැහැ කියලා. කොහොම වුනත් අහම්බෙන්

වගේ රංගන ක්‍ෂේත්‍රයට ආව පියුමි මේ වෙනකොට විවාහකයි. ඇයට අවුරුදු 4ක පුතෙකුත් ඉන්නවා.

මේ ක්ෂේත්‍රයට එනකොට ගොඩාක් අයට ප්‍රශ්න වෙන්නේ තමන්ගේ සැමියාගෙන්. පියුමිටත් ඒ ප්‍රශ්නේ ඇවිත් තියෙනවා. හැබැයි ඒ පියුමි නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්නකොට. ඒකට හේතුවෙලා තියෙන්නේ ගොඩාක් කොටට ඇඳුම් අඳින නිසා කියලයි පියුමිනම් කියන්නේ. කොහොම වුනත් ඒ ගැන පස්සේ තමන්ගේ සැමියා තේරුම් ගත්තාලු.



 
ඒ වගේම පියුමි කියන්නේ මේ වෙනකොට මවක් නේ. ගොඩ දෙනෙක්ට එන ප්‍රශ්නයක් තමයි මවක්ට නිරූපණ ක්ෂේත්‍රය ගැලපෙනවද කියන එක. මේ ගැන පියුමිගෙන් ඇහුවම ඇය කීවේ ඒක හරි වැරදි කතාවක් කියලයි. මොකද පියුමි නිරූපණ ක්ෂේත්‍රයට ඇවිත් තියෙන්නේ දරුවා ලැබිලා අවුරුද්දක් වගේ ගියාමලු.

නිරූපණ ක්ෂේත්‍රය වගේම රංගන ක්ෂේත්‍රය කියන්නේ ගොඩාක් කාර්යබහුල ක්ෂේත්‍ර 2ක්. ඒ වගේ තැනක වැඩකරනකොට තමන්ගේ පවුල ගැන, දරුවන් ගැන, සැමියා ගැන හොයන්න තියෙන කාලය ගොඩාක් අඩුවෙලා යනවා. මේ ප්‍රශ්නේ ගැන පියුමිගෙන් ඇහුවම ඇයනම් කියන්නේ ඇයට වගේම ඇයගේ සැමියාට හොඳ අවබෝධයක් තියෙන නිසා ඒ ගැන ප්‍රශ්නයක් නොවන බවයි.

බැරිවෙලා හරි තමන්ගේ සැමියා මේ දේවල් නතර කරන්න කීවොත්, මොන තරම් ආදරයෙන් මේ ක්ෂේත්‍රවල කටයුතු කලත් ඒ දේවල් නවත්වනවා කියලා තමයි පියුමි වැඩිදුරටත් ප්‍රකාශ කරලා තියෙන්නේ.

gossip , gossip Lanka, col3neg ______________________________________________________________
© 2014 Ape Gossip Email : info@apegossip.com
Advertising - Contact Here Editor - Contact Here
All the content on this website is copyright protected.
_______________________________________________________________________________________ www.ApeGossip.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Popular Posts

Search This Ape Gossip

Foreign News

Sponsored Ads

Related Posts Plugin for WordPress, Blogger...