තාත්ති අපි ළගට එනවට මම හරි කැමැතියි
-කාවින්ධ්‍යා අධිකාරි
කාවින්ධ්‍යා අධිකාරි කියන නම තාරුණ්‍යයට හුරුපුරුදු නමක්. අතුලගේත් සමිතාගේත් එකම දියණිය කාවින්ධ්‍යා කියලා හඳුන්වා දෙන විට ඇයව කවුරුත් හඳුනා ගන්නවා. අම්මයි තාත්තයි වගේ සින්දු කියන්න ඇය දක්ෂයි. ඊටත් වඩා ඇය නිවේදනයට දක්ෂද කියලත් හිතෙනවා. පූර්ණකාලීනව කලාවට එකතු වුණ ඇයගෙන් කලා තොරතුරු විමසන්න ඇයව එකතු කරගත්තා.
කාවින්ධ්‍යා පූර්ණකාලීන කලාකාරිනියක් වෙලා කියලා ආරංචියි. ඇත්තද?
ඔව්. අලූත් රූපවාහිනී ආයතනයක් ආරම්භ කළා මියුසික් ටී.වී. කියලා. ළගදීම එහි විකාශනය ආරම්භ කරනවා. ඒකේ මම දැන් රැකියාව කරනවා නිවේදිකාවක් වගේම පුහුණු නිෂ්පාදකවරියක් විදිහට.
ඔබ රැකියාවක් කරනවාට අම්මයි තාත්තයි කැමැතිද?
මට ඒ රැකියාව කරන්න ආරාධනා කළාට පස්සේ මම අම්මටයි තාත්තාටයි කිව්වා. ඒ දෙන්නම කිව්වේ ඔයා කැමැති දේ කරන්න කියලා. මම කවදාවත් වැරදි තීරණ ගන්න කෙනෙක් නෙවෙයි. ඒ නිසා කවදාවත් ඒ දෙන්නා මට නීතිරීති දැම්මේ නැහැ.
ගායනය අතහැරලා නිවේදන වෘත්තිය තෝරාගත්තේ ඇයි?
ගායනය අතහැරලා නැහැ. ළඟදී අලූත් සින්දුවක් කළා. ඒ රන්ධීර් අයියාගේ සින්දුවකට රිප්ලයි එකක්. පද මනුරංග විෙජේසේකරගේ. සංගීතය දිළුම් තේජනගේ. මනුරංග අයියා මට ආරාධනා කළා ඒක කියන්න. ගායකයෙක් විදිහට මම රන්ධීර් අයියටත් කැමැතියි. ඒ නිසා මම ඒ සින්දුව කියන්න කැමැති වුණා. ඒ ගීතයට ළඟඳීම රූපරචනයක් කරන්නත් අදහස් කරනවා.
සමිතා-අතුල ඔබ වගේම, ඔබේ සහෝදරයා ළඟදී විදේශ සංචාරයකට සහභාගි වෙමින් ගී ගැයුවා කියලා ආරංචියි?
අන්තිමට ගියේ ඩුබායි. අම්මා විදේශ සංචාරයකට සහභාගි වුණොත් මල්ලිවයි, මාවයි අනිවාර්යයෙන්ම එක්කගෙන යනවා. මේ වතාවෙත් ගියා. වෙනදාට නම් මම ගායනා කරන්නේ නැහැ. ඒත් මෙවර මමත් සංගීත ප‍්‍රසංගවල ගැයුවා.
අතුල-සමිතා කියන පුංචි පවුල ටික කලකට කලින් සමාජයේ කතාබහට ලක්වෙමින් බිඳිලා ගියා. ආයෙමත් පුංචි පවුල එකතු වුණොත් කාවින්ධ්‍යාට තාත්තාව ලැබෙනවා නේද? සතුටුද?
අපේ පවුල මොකක් හෝ හේතුවක් නිසා වෙන්වුණා. ඒ ගැන දුකක් නැතුව නෙවෙයි. දුකයි. පවුල් ජීවිතේ එක්ක වගකීම් ඇතිවෙනකොට තමන්ගේ නිදහස ඇහිරෙනවා කියලා තාත්තිට හිතුණද දන්නේ නැහැ. ඒ ගැන දන්නේ තාත්ති තමයි. කොහොම වුණත් කොයි විදිහට ප‍්‍රශ්න විසඳුණත් මම තාත්තිට ආදරෙයි. මගේ තාත්තිට මම හුඟක් ගරු කරනවා. කලාකරුවෙක් හැටියට එයා හුඟක් පරිපූර්ණ මනුෂ්‍යයෙක්. ලංකාවේ ඉන්න දක්ෂ සංගීත ශිල්පීන්ගෙන් කෙනෙක් එයා. ඒ නිසා මගේ තාත්තිව මට වටිනවා.
තාත්ති කවදාවත් එයාගේ ආදරෙන් මාවවත්, මල්ලිවත් තනි කළේ නැහැ. මගේ තාත්ති මගේ ළඟ ඉන්නවා නම් මම සතුටු වෙනවා. අපි හතරදෙනා එක්ක ජීවත් වෙන්න ඕන කියලා එයා හිතනවා නම් ඒක වෙයි. ඒත් තාත්ති තනියම ඉන්නවා කියලා තීරණය කළා නම් ඒකත් එයාගේ කැමැත්ත.
ඔබේ මව සමිතා සැමියා විදිහට අතුලව යළි පිළිගනීවිද?
ඒක දන්නේ අම්මාම තමයි. එයා කැමැති නම් තාත්තිව අපි ළගට ගන්න මම ඒකට කැමැතියි. ඒත් අනාගතයේ තීරණ කොයි විදිහට වෙයිද කියන්න අපි දන්නේ නැහැ. දෛවය අනුව සියලූම දේ හොඳ හෝ නරක විදිහට සිදුවේවි. ඒ වගේම කියන්න ඕන තාත්ති අපේ ළඟ නොහිටිය කාලයේදිත් අම්මා, මම, මල්ලි එයා එක්ක කවදාවත් අමනාපයෙන් හිටියේ නැහැ, අපි අතර ප‍්‍රශ්න තිබුණෙත් නැහැ කියන එක.
ඔබ හා සමිතා, අමායා එක්ක තියෙන ඇසුර කොයි වගේද?
අමායා කියන්නේ හුඟක් හොඳ කෙනෙක්. එයාට දුවක් ඉන්නවා. දුවට නම දැම්මෙත් මල්ලි. අපි හැමෝම ඒ නංගිට ආදරෙයි. අමායාගේ තීරණ හෝ තාත්තිගේ තීරණ කොයි විදිහ වුණත් අපි අතර කිසිම තරහක් නැහැ. එදා වගේම අදත් ඉස්සරහටත් අපි කතාබහ කරලා සුහදව ඉඳීවි.
සමාජ වබේ අඩවිවල ඉඳලා හිටලා කාවින්ධ්‍යා ගැනත් විවිධ කතා පැතිරෙනවා. ඒ ගැන දුකක් නැද්ද?
දුක්වෙන්න හේතු නැහැ. මම වැරදි වැඩ කරන කෙනෙක් නෙවෙයි කියලා මම දන්නවා. ඒ වගේම කියන්න ඕන ජනප‍්‍රිය අයට විතරයි ගොසිප් හැදෙන්නේ. දන්නේ නැති, ජනප‍්‍රිය නැති අයට ගොසිප් හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ මමත් ජනප‍්‍රියයි. ගොසිප් හැදෙන තරමට ජනප‍්‍රිය වෙනවා කියලයි මට කියන්න තියෙන්නේ.
සින්දු කියනවා, නිවේදන කටයුතු කරනවා. ඒ වගේම රඟපාන්න අදහසක් නැද්ද?
මම දක්ෂ සින්දු කියන්නයි, නිවේදන කටයුතු කරන්නයි විතරයි. මට රඟපාන්න බැහැ. දන්නේ නැති දේවල් මම කරන්නේ නැහැ. ඇත්තටම කිව්වොත් ළඟදිත් මට ප‍්‍රධාන චරිතයකට ආරාධනා ලැබුණා. ඒත් ඒක ප‍්‍රතික්ෂේප කළා රඟපාන්න දන්නේ නැති නිසා.

උපුටාගැනීම - රිවිසරසි