ඇන්ඩ්‍රොයිඩ් වර්ගයේ ජංගම දුරකතනවලට හානිකර වෛරසයක් මේ වනවිට අන්තර්ජාලයේ සැරිසරමින් ඇතැයි පෙන්වා දෙන ශී‍්‍ර ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය වැඩි දුරටත් සඳහන් කරන්නේ ඉන් ජංගම දුරකතනයේ ඇති තොරතුරු විකෘති කිරීමට හැකියාවක් ඇති බවයි.
ශී‍්‍ර ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂඨ තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත සඳහන් කළේ මෙහිදී යම් අවස්ථාවකදී ඔබගේ දුරකතනය අප්ඩේට් කිරීමට ඉල්ලා සිටින අතර එය ලබා දීමෙන් අදාළ වෛරසය ඇතුළුවී දුරකතනයේ ඇති දත්ත කියවා ගැනීමට නොහැකි වන අයුරින් වෙනස් වනු ඇති බවයි.
