APE GOSSIP - FACEBOOK

Watch Teledrama

Ape Gossip

•උදාරි ආයෙත් වැඩ පටන් අරගෙන නේද..?

ඔව්. පොඩි නිවාඩුවකට පස්සේ ශාන්ත සොයිසා මහත්මයා අධ්‍යක්ෂණය කරන පිනි ටෙලි ඩ්‍රාමා එකට සම්බන්ධ වුණා. මේ දවස්වල පිනි ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. ඊට අමතරව චිත්‍රපට දෙකකටත් දායක වුණා.

•මේ දවස්වල උදාරිට අලුත් නමක් පටබැඳිලා නේ..?

ඔව්. කාලෙන් කාලෙට මම නිරූපණය කරන චරිතවල නම්වලින් මට කතා කරනවා. පිනි ඩ්‍රාමා එක නිසා මේ දවස්වල මට ගොඩක් අය කතා කරන්නේ සුද්දි කියලා.


•මිෂෙල් සහ සුද්දි උදාරිගේ රංගනයට හොඳ වෙනසක්ද..?

ඇත්තටම ඔව්. මට ගොඩක් ලැබුණේ තැන්පත් පෙම්වතියගේ චරිත. ඉතිං මේ චරිත නිරූපණය අහිංසක පෙම්වතියකට වඩා ජීවිතය ගොඩදාගන්න පොරබදන ගැහැනියකගේ චරිතයක්. තැනට සුදුසු විදියට ඇණේ ගහන චරිතයක්. මට ලැබුණ චරිතත් එක්ක බලද්දි මේ චරිතය නිරූපණය කිරීමේදී යම් අභියෝගයක් තිබුණා.

•එකිනෙකට වෙනස් චරිත නිරූපණයක් කරන්න මහන්සි වෙන්න ඇති..?

සුද්දිගේ චරිතයට ආරාධනා ලැබෙද්දි ශාන්ත සොයිසා මහත්මයාගෙන් සහ මහේෂ් සත්සර අයියාගෙන් මම මුලින්ම ඇහුවා මාව මේ චරිතයට ගැළපෙනවද කියලා. වැල්ලේ කෙල්ල සහ වෙස්ටන් විදියට ඉන්න මිෂෙල් එකිනෙකාට වෙනස්. මේ චරිතයට මගෙන් මොකක්ද වෙන්න ඕන ඇහුවම ඔවුන් මට කිව්වා "උදාරි ඔයා මිෂෙල්ගේ චරිතයට ඔය ඉන්න විදිහටම ඉන්න. නිම්සරාගේ චරිතයට හැඩගැහෙන්න කියලා".

•උදාරිගේ සැබෑව කොහොමද මිෂෙල්ගේ චරිතයට ගැළපුණේ..?

මිෂෙල් කියන්නේ Forward කෙනෙක්. හැබැයි නිම්සරා කියන්නේ බියගුලු, තනිවුණ කෙල්ලෙක්. සැබෑ ජීවිතයේ මම තැන්පත් කෙනෙක් නෙවෙයි. ඒ නිසා මිෂෙල්ගේ චරිතය මගේ විදිහට නිරූපණය කරන්න පුළුවන්.

•උදාරි තැන්පත් නෑ කියන්නේ, අඳින පලඳින විදිහෙන්ද...? කතා බහෙන්ද..? හැසිරීමෙන්ද..?

මම මටම අඳින පලඳින විදිහක් හොයාගෙන තියෙනවා. මම දිග ඇඳුම් වගේම කොට ඇඳුම් අඳිනවා.මම කාලෙන් කාලෙට අඳින පලඳින විදිහ වෙනස් කරනවා. මොකද මම ඒකාකාරී වෙන්න කැමැති නැහැ. ඒ වගේම මම හරිම දඟකාරයි. හරියට කියවනවා. මගේ සැමියත් කැමැතියි මම කියවනවට හිනාවෙලා දඟලල ඉන්නවට. ඉතිං මම තැන්පත් නැහැ.

•තැන්පත් වගේ පෙන්නන්න වුවමනා නැද්ද..?

අනේ නැහැ. මම හරි විනිවිදයි. මම තවත් මනුස්සයෙක් නිසා මගේ විදිහ වෙනස් කරගන්න කැමැති නැහැ. මම කොහේ ගියත් ඒ ඉන්නේ මම තමයි. මම වෙන කෙනෙක් වෙන්න කැමැති නැහැ.

•උදාරි කාලයක් ලංකාවේ. කාලයක් රට. මේ ඇවිදින සෙල්ලම නිසා උදාරිගේ වැඩවලට ගැටලුවක් වෙලා නැද්ද..?

මම කොහොමත් වැඩ කරන්නේ හරි අඩුවෙන්. මේ දවස්වලත් මම වැඩ කරන්නේ පිනි ටෙලිඩ්‍රාමා එකේ විතරයි. වෘත්තියක් විදිහට නෙවෙයි මම කලාව කරන්නේ. මම කලාව කරන්නේ ප්‍රේක්ෂකයන් පිනවන්න. මගේ සැමියා මටයි දරුවටයි කන්න අඳින්න දීලා සැපවත් කරනවා. ඉතිං පහුගිය අවුරුදු දහය පුරාවට මම සැමියා ඉන්න සිංගප්පූරුවට යනවා එනවා. වැඩ අඩුවෙන් කරන නිසා මට යන්න එන්නත් පුළුවන්. මම කරන වැඩවලට ඒ ගමන බාධාවක් කරගන්නෙත් නෑ.

•උදාරිට ආරාධනා අඩු නිසා නෙමෙයිද අඩුවෙන් රඟපාන්නේ?

කොහෙත්ම නැහැ. මට නිර්මාණ ගොඩකට ආරාධනා ලැබෙනවා. මම මවක්, බිරියක්, ඒ වගේම මගේ මවුපියන්ට දියණියක්. මම හරිම කෑදරයි පවුලට. ඉතිං එයාලා වෙනුවෙන් මම කාලය වෙන් කරන්න ඕනේ. මගේ දුවගේ හැම වැඩක්ම මමමයි කරන්නේ. මම එයාට දෙන ආදරය එයාට කවදා හරි මතකයේ තියෙයි. මගේ පවුල අංක එක නිසා පවුලට මුල් තැන දීලා තමයි නිර්මාණ භාර ගන්නේ.

•උදාරි රංගන කටයුතුවල නිරත වෙනවට සැමියාගේ අකමැත්තක් නැද්ද..?

නැහැ. එයා මාව ගොඩක් තේරුම් ගත්ත කෙනෙක්. සැමියා වෛද්‍යවරයෙක් වුණාට එයා අපේ වෘත්තීන් පටලවා ගෙන නැහැ. ඔහුගෙන් ලැබෙන ආශීර්වාදය සහයෝගය නිසා තමයි මම සාර්ථක ගමනක් ඇවිත් තියෙන්නේ.

•සැමියා උදාරිව කවදාහරි සැක කරලා තියෙනවද?

නැහැ. අපි අනේ‍යාන්‍ය අවබෝධයකින් ජීවත්වන දෙන්නෙක්. අපිට අපිව සැක කරන්න ඕන කාලයක් නෙවෙයි මේක. අපේ දරුවාට හොඳට උගන්නලා එයා හොඳ සතුටින් තියන්න අපි දෙන්නම උත්සාහ කරනවා. අපි අතර කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි සතුටින් ජීවත් වෙනවා.

•විවාහක කාන්තාවක් වුණත් තාමත් උදාරිට ආදර යෝජනාවලින් අඩුවක් නැතුව ඇති..?

එහෙම ආදර යෝජනා ඇවිත් තියෙනවා. ඒක ස්වාභාවිකයි. හැබැයි ආදරේ ඉල්ලුවට හැමෝටම ආදරේ කරන්න මට ඕනෙ නැහැ. තමන්ගේ වගකීම් ගැන අවබෝධයකින් ජීවත් වුණොත් ඒ ප්‍රශ්නවලින් මිදෙන්න පුළුවන්.

•කාලෙන් කාලෙට උදාරිත් විවිධ ගොසිප්වල ඉලක්කයක් වෙනවා නේද..?

රංගන ජීවිතයට එද්දිත් මට ඕන තරම් කටකතා හැදුණා. හැබැයි මං වටේ හිටපු ප්‍රේක්ෂකයෝ මට හරි ආදරෙයි. කටකතා ඇත්ත වුණත් බොරු වුණත් ඒ අය මට ආදරෙයි. සැමියා මාව සීයට සීයක් විශ්වාස කරනවා. ඒ නිසා මට අනෙක් අය දෙන චරිත සහතික අදාළ නැහැ.

•අම්මා වගේ දුවත් රඟපාන්න එනවට උදාරි කැමැතිද..?

මම දුවගේ දඟකාර වැඩ වීඩියෝ කරලා ෆේස්බුක් දානවනේ. ඒවා ගොඩක් අය බලනවා. ඒ වීඩියෝ දැකලා වෙන්න ඇති දුවට චිත්‍රපට හතරකට විතර ප්‍රධාන චරිතයට කතා කළා. නමුත් මම ඇයව දැන්ම රංගනයට යොමු කරන්න කැමැති නැහැ. මොකද ඇයගේ ජීවිතය අයිති ඇයට. එයා ලොකු වෙලා රඟපාන්න තීරණය කළොත් ඒ එයාගේ තීරණය. අපි කරන්නේ හරිම සැහැල්ලු මනසකින් යුතු හොඳ දරුවෙක් හදන එක.


තිළිණි කෞශල්‍යා විජේසිංහ

gossip , gossip Lanka, col3neg ______________________________________________________________
© 2014 Ape Gossip Email : info@apegossip.com
Advertising - Contact Here Editor - Contact Here
All the content on this website is copyright protected.
_______________________________________________________________________________________ www.ApeGossip.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Popular Posts

Search This Ape Gossip

Foreign News

Sponsored Ads

Related Posts Plugin for WordPress, Blogger...