APE GOSSIP - FACEBOOK

Watch Teledrama

Ape Gossip



ඇන්ඩ්‍රොයිඩ් වර්ගයේ ජංගම දුරකතනවලට හානිකර වෛරසයක් මේ වනවිට අන්තර්ජාලයේ සැරිසරමින් ඇතැයි පෙන්වා දෙන ශී‍්‍ර ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය වැඩි දුරටත් සඳහන් කරන්නේ ඉන් ජංගම දුරකතනයේ ඇති තොරතුරු විකෘති කිරීමට හැකියාවක් ඇති බවයි.

ශී‍්‍ර ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂඨ තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත සඳහන් කළේ මෙහිදී යම් අවස්ථාවකදී ඔබගේ දුරකතනය අප්ඩේට් කිරීමට ඉල්ලා සිටින අතර එය ලබා දීමෙන් අදාළ වෛරසය ඇතුළුවී දුරකතනයේ ඇති දත්ත කියවා ගැනීමට නොහැකි වන අයුරින් වෙනස් වනු ඇති බවයි.


අදාළ වෛරසයෙන් ආරක්‍ෂාවීමට ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳවද මෙහිදී දැනුවත් කෙරුණා.

“ඔබේ ඇන්ඩ්‍රොයිඩ් වර්ගයේ ජංගම දුරකතනයකින් අන්තර්ජාලයේ සැරිසරනකොට සැකකටයුතු වෙබ් අඩවිවලදී සොෆ්ට්වෙයා අප්ඩේට් එකක් ඉල්ලන්න පුළුවන්.

එහෙමත් නැතිනම් වෙනත් අප්ඩේට් එකක් ඉල්ලන්න පුළුවන්. ඒවගේ අවස්ථාවකදී වඩාත් කල්පනාකාරී විය යුතුයි.

ඒ වගේ ම ඔබේ ජංගම දුරකතනයේ ඇති විශේෂිත දත්තවල පිටපතක් වෙනත් ස්ථානයක අරං තියාගන්න පුළුවන්නම් මෙවන් අවස්ථාවලදී ඔබට සිදුවන හානිය අවම කරගන්න පුළුවන්.”

ඔබ සතුව ඇත්තේ ඇන්ඩ්‍රොයිඞ් වර්ගයේ ජංගම දුරකතනයක් නම් එය භාවිත කර අන්තර්ජාලය සැරිසරන විට සැක සහිත වෙබ් අඩවිවලට පිවිසීම හැකි පමණ සීමා කිරීමද සුදුසු ආරක්‍ෂක පියවරක් බව මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.

gossip , gossip Lanka, col3neg ______________________________________________________________
© 2014 Ape Gossip Email : info@apegossip.com
Advertising - Contact Here Editor - Contact Here
All the content on this website is copyright protected.
_______________________________________________________________________________________ www.ApeGossip.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Popular Posts

Search This Ape Gossip

Foreign News

Sponsored Ads

Related Posts Plugin for WordPress, Blogger...