එංගලන්තයේ තාක්ෂණ ක්ෂේත්‍රයේ බලවත්ම කාන්තාවන් 35 දෙනා අතරට එක්ව සිටින මේ සුවිශේෂි කාන්තාවගේ මව පිළිබඳ ලද තොරතුරක් මත ඊයේ සිරස මාධ්‍ය ජාලය ක්‍රියාත්මක විය.
බ්‍රිතාන්‍යයේ අන්තර්ජාලය ඔස්සේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමය නිර්මාණය ඇතුළු විශේෂ කාර්යන් ගණනාවකට දායකත්වය ලබා දුන් කාන්තාවක වන ෂෙරී අවස්ථා රැසකදී ලෝක අර්ථීක සමුළුව ඇමතූ අතර මේ වන විට සිය වෘත්තීය ජීවිතයේ අති සර්ථකත්වයක් හිමි කර ගත් කාන්තාවකි.
1991 පෙබරවාරි 28 වන දා ෂෙරී ඇචේසන් උපත ලබා ඇත්තේ නිරෝෂිකා යන නාමයෙනි.ඇයට තව නිවුන් සොහොයුරියක්ද සිටි
ලංකාවේ මාධ්‍ය ඇගේ ඡයාරූප දිගින් දිගටම ප්‍රසිද්ධියට පත් කරමින් ජනතා සහය පැතූ අතර ඊයේ පස්වරු 1.00ට පමණ සිරස ආයතනයට තීරණාත්මක දුරකතන ඇමතුමක් ලැබුණේ, කුරුණෑගල මැල්සිරිපුර ප්‍රදේශයෙනි.
එහිදී අප ඡයාරූපවල පෙන්වූ කාන්තාව තම ඥාතිවරියක බවත් සිරස ප්‍රවෘත්ති විකාශයෙන් දුටු වහාම මේ පිළිබඳව ඇගෙන් විමසීමක් කළ බවත් එම ඇමතුමෙන් කියවිණි.
මේ අදාල තරුණියගේ මවගේ ප්‍රකාශය පහතින් නරඹන්න.